පි හැමෝටම ඉතින් ලොකු High-End Android Devices ගන්න හැකියාවක් නැහැනෙ. ඉතින් එහෙම අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් Apps දාගන්න බැරි එක. අනිත් එක තමයි Apps ටිකක් දානකොට ෆෝන් එක Slow වෙන්න ගන්න එක. ඉතින් මේ දෙකටම විසඳුමක් තමයි මේ ගෙනාවෙ. මේ ක්‍රමයෙන් අපිට පුළුවන් අපේ මෙමරි කාඩ් එකෙන් ඉඩක් අපේ Internal Memory එකට එකතුකරන්න. මේක App එකක් SD card එකට Move කරනවා වගේ නෙවෙයි. මොකද Move කළාට සම්පූර්ණ App එකම යන්නෙ නෑ. ඒත් මේ ක්‍රමයෙන් සම්පූර්ණ App එකම Move වෙනවා. ඉතින් ෆෝන් එක හොඳ වේගයකින් පාවිච්චි කරන්න පුළුවන්. මේක කරන්න නම් අනිවාර්යයෙන්ම ෆෝන් එක Root කරලා තියෙන්න ඕනෙ.
මුළින්ම කියන්න ඕනෙ මේකෙ පොඩි අවාසියක් තියෙනවා. මොකද මේක කළාට පස්සෙ මෙමරි කාඩ් එක අයින් කරලා දුරකථනය පාවිච්චි කරනකොට ඒ Move කරපු Apps පාවිච්චි කරන්න බෑ.
එහෙනම් අපි පටන් ගමු.මුළින්ම මේ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න.
1. Partition Manager - Click Here
2. Android App - Click Here
දැන් අපි මුළින්ම SD Card එක Partition කරගෙන ඉමු. මේකට අනිවාර්යයෙන්ම මෙමරි කාඩ් රීඩර් එකක් හරි ඩොන්ගල් එකක් හරි පාවිච්චි කරන්න. ෆෝන් එක භාවිතා කරලා මේක කරන්න නම් යන්නෙපා. කොහොමවත් ෆෝන් එක පාවිච්චි කරලා කරන්න බෑ මේක. දැන් මම දුන්න Partition Manager Software එක භාවිතා කරලා මේ වැඩේ කරන හැටි බලන්න පහත වීඩියෝ එක නරඹන්න.