Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඔබේ Facebook Profile එක නැරඹුවේ කවුරුන්ද යන්න ඇත්තටම දැනගන්නට පුලුවන්ද?




Facebook Profile එක නැරඹුවේ කවුරුන්ද යන්න පිළිබඳව දැනගන්නට පුලුවන්ද කියා වැඩි දෙනෙක් අපගෙන් විමසුවා. ඇත්තටම එය ලෝකවාසී ජනතාවටම තිබෙන ප්‍රශ්නයක්. එම ප්‍රශ්නයට පළිතුරු වශයෙන් බොහොමයක් වෙබ් අඩවි වල විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම සමහරක් apps ද ඒ වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙනවා? ඇත්තටම ඔබත් එවැනි දේවල් විශ්වාස කරනවාද

ඔබට යම් කෙනෙක් පැවසුවොත් ඔබේ facebook profile එක නැරඹුවේ කවුරුන්ද කියා සොයා බැලීමට පුළුවන් බව එය  කිසිලෙසක විශ්වාස කරන්නට එපා. මොකද එය මිත්‍යාවක් කිසිලෙසකින්වත් එසේ කල නොහැකියි. මෙසේ පවසනේ මා නෙවෙයි එය පවසන්නේ facebook සමාගමමයි. අපි ඔබට පහතින් ලබා දෙනවා එම ප්‍රශ්නයට facebook විසින් ලබා දී තිබෙන පිළිතුර
දැකගන්නට පුළුවන් වෙන ලින්ක් එකක්. එම ලින්ක් එකට ගොස් පරික්ෂා කර බලන්න.

https://www.facebook.com/help/210896588933875?sr=1&sid=0ca7XDAckWG8xZ2Nb



අපි ඔබට ඉහතින් සඳහන් කල පරිදි අන්තර්ජාලය පරික්ෂා කර බැලුවොත් ඔබට ඕනෑතරම් Tutorials, Apps හොයා ගන්න පුළුවන් ඔබේ facebook profile එක නැරඹුවේ කවුරුන්ද යන්න සොයා ගත හැකි බව පවසන. ඔබත් සමහර විට එම ක්‍රමයන් උත්සහ කර බලන්න ඇති. එයින් ලැබෙන ප්‍රතිපලය සත්‍යයයි සිතා සිටින්න ඇති. නමුත් ඒවා පුද්ගලයින් මුලා කිරීම සහ තමන් ප්‍රසිද්ධ වීම් සඳහා පුද්ගලයින් විසින් නිර්මානය කරපු කූට උපක්‍රමයන්. එම නිසා එවැනි මිත්‍යා ක්‍රම උත්සහ කර බලන්නවත් කාලය වෙන් කරන්න එපා. 


එසේනම් මෙවැනි apps මගින් සිදු කරන්නේ කුමක්ද ?


මෙවැනි apps මගින්  ඔවුන් ඔබට ලබා දීමට පොරොන්දු වෙන තොරතුරු කිසිඳු ආකාරයකින් ඔබට ලබා දීමට හැකියාවක් ඔවුන්ට ඇත්තේ නැහැ. එම නිසා අපි සොයා බලමු වුන්ට ඇත්තටම සැපයිය හැකි වෙන තොරතුරු මොනවාද කියා. මෙවැනි ආකාරයේ apps ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. 

1. එවැනි apps සම්පූර්ණයෙන්ම වංචා කාරී වූ ඒවා. එවාට සැපයිය හැකි කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. සමහර විට එවැනි apps මගින් සිදු කරන්නේ ලොව පුරා තිබෙන පරිගණක වලට  malware වගේ භයානක වෛරස පතුරුවා හැරීමයි. 


2. මෙම apps මගින් සැපයීමට හැකියාව තිබෙන්නේ එකම app එක install කරනු ලැබූ පරිශීලකයින්ගේ තොරතුරු සහ ක්‍රියාකාරකම් පමණයි. 

දෙවෙනියට සඳහන් කල කරුණ ඇත්තටම පලවෙනි කරුණ තරම් හානියක් ඔබට කරන්නේ නැහැ. ඒ විසින් සිදු කරන්නේ ඔබේ යහලුවන්ටත් එය ස්ථාපිත කරගන්නට යැයි පවසමින් කෙමෙන් කෙමෙන් spam එකක් ආකාරයෙන් ව්‍යාප්ත  වීමයි. 


තවදුරටත් පවසනවානම් facebook එක තරයේ කියා සිටින්නේ මෙවැනි ආකාරයේ apps නිර්මාණය කරන්නේ වංචනික අදහස් ඇති පුද්ගලයන් බවයි. ඒවගේම ඒ පිළිබඳව facebook වෙතට දැනුම් දෙන ලෙසද ප්‍රකාශ කර සිටිනවා. පහත ලින්ක් එකට ගොස් එය පරික්ෂා කර බලන්න.

https://www.facebook.com/help/www/117257561692875?rdrhc 

  


එවැනි app එකක් ස්ථාපිත කර තිබෙනවානම් 


දැනටමත් ඔබ මෙවැනි ආකාරයේ app එකක් ස්ථාපිත කරගෙන තිබෙනවානම් වහාම එය ඉවත් කර දමන්න. එය ඉවත් කරගැනීම සඳහා Facebook Privacy Settings / Apps/  වෙත පිවිසෙන්න. ලැයිස්තුගත කරතිබෙන apps වල ඉදිරියෙන් තිබෙන කතිර ලකුණ එබීමෙන් එම app එක ඉවත් කරගන්න..       


කාලීන අවශ්‍ය තාවයක් ඉටු කිරීම වශයෙන් තමයි මෙම ලිපිය ලිවීමට තීරණය කරේ.

No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip