Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පරිගණකයේ බීප් හඩින් කියවෙන දේ... ( AMI බීප් කේත)




කිසිවක්ම නැත: දෝෂ සහගත අවස්තාවකදී තනි බීප් හඩක්වත් ඇසිය යුතුය. එසේ නොවන්නේ නම් ඔබේ කම්පියුටරයේ පවර් සප්ලයි එක, මවු පුවරුව හෝ ශබ්ද විකාශන අංගය හෝ ක්‍රියාත්මක නොවේ.

කෙටි බීප් හඬක්: සිස්ටම් රැම් රිප්‍රෙෂ් ෆේලියර් (පද්ධති මතක අලුත්වීමේ හැකියාවක් නැත.) මවු පුවරුවේ ඇති ප්‍රෝග්‍රැමබල් ඉන්ටරප්ට් ටයිමරය (ක්‍රමලේකනය කළ හැකි අතුරුබිඳුම් කාල පාලකය) ක්‍රියාවිරහිතවී ඇත. සමහරවිට එය ඉන්ටරප්ට් කන්ට්‍රෝලයේ දෝශයක්ද විය හැකිය. මේ කුමක් වුවද මෙය නිවැරදි කිරීමට මවු පුවරුව මාරු කල යුතුය.

කෙටි බීප් හඬවල් දෙකක්: කම්පියුටරයේ මතකය හා සම්බන්ධ ගැටලුවක් ඇත.පළමුව තිරයේ යමක් දර්ශනය කරවීමට සමත්ද යන්න සොයා බලන්න. එය වැඩ කරන්නේ නම් තිරයේ දෝශ පණිවිඩයක් දිස්විය යුතුය. එසේ නොවන්නේ නම් මතකයේ පළමු කිලෝබයිට් 64 තුළ පැරිටි එරර් තිබිය හැක. එබැවින් මෙමරි චිප්ස් පරීක්ෂා කරන්න. ඒවා ගලවා නිසිපරිදි සවිකර රී බූට් කර බලන්න.(රැම්)

කෙටි බීප් හඬවල් තුනක්: කම්පියුටරයේ මතකය හා සම්බන්ධ ගැටලුවක් ඇත.පළමුව තිරයේ යමක් දර්ශනය කරවීමට සමත්ද යන්න සොයා බලන්න. එය වැඩ කරන්නේ නම් තිරයේ දෝශ පණිවිඩයක් දිස්විය යුතුය. එසේ නොවන්නේ නම් මතකයේ පළමු කිලෝබයිට් 64 තුළ පැරිටි එරර් තිබිය හැක. එබැවින් මෙමරි චිප්ස් පරීක්ෂා කරන්න. ඒවා ගලවා නිසිපරිදි සවිකර රී බූට් කර බලන්න.(රැම්)

කෙටි බීප් හඬවල් හතරක්: දෝශ සහිත කාල පාලකයක් (බෑඩ් ටයිමර්) නිසා විය හැකිය. සිස්ටම් ටයිමරය නිසිපරිදි වැඩ නොකයි.

කෙටි බීප් හඬවල් පහක්: සී.පී.යූ. එක ක්‍රියාත්මක නොවේ එය සී.පී.යූ. එකේම දෝෂයක් හෝ මවු පුවරුවේ ඇති සී.පී.යූ. සොකට් එකේ දෝෂයක් විය හැකිය.

කෙටි බීප් හඬවල් හයක්: යතුරු පුවරුව පාලනය කිරීම සඳහා මවු පුවරුවේ ඇති දිප් එක ක්‍රියාත්මක නොවෙයි. පළමුව වෙනත් යතුරු පුවරුවක් සවිකර බලන්න. එය සාර්ථක නොවුනහොත් යතුරු පුවරුවේ පාලන චිප් එක බලන්න. එයින් පසුවත් බීප් හඬ නැගෙන්නේනම් හැකිකමක් ඇත්නම් එම චිප් එක මාරු කර බලන්න. මෙහිදී සිදුවන්නේ A20 ස්විචිය හා සම්බන්ධ ගේට් එකෙන් ස්පන්ධ (සංඟ්දා) නොයෑමයි.

කෙටි බීප් හඬවල් හතක්: සී.පී.යූ. එක මගින් එ‍ක්ස්ප්‍රෙශන් එරර් එකක් ජනිත කරයි. එය කෙලින්ම සී.පී.යූ. එකේ හෝ මවු පුවරුවට හෝ සම්බන්ධ හේතුවක් විය හැකිය.

කෙටි බීප් හඬවල් අටක්: වීඩියෝ කාඩ් එක වැඩ කරන්නේ නැතතැය විධිමත්ව සවි වී ඇත්දැයි බලන්න.

කෙටි බීප් හඬවල් නමයක්: ROM Checksum (පඨන මාත්‍ර මතක අවේක්ෂණ ඓකයයේ) දෝෂයකි. එයින් අදහස්වන්නේ චෙක්සම් මගින් කෙරෙන දෝෂ පරීක්ෂාව BIOS ROM සමග නොසැසඳෙන බවය, එසේ වන්නේ එහි දෝෂ සහිත විටය.

කෙටි බීප් හඬවල් දහයක්: CMOS දෝෂයකි. සීමෝස් හා සම්බන්ධ සියලුම චිප් මාරුකිරීමට සිදුවේ.

කෙටි බීප් හඬවල් එකොළහක්: L2 කෑෂ් මෙමරිය දෝෂ සහිත බැවින් කම්පුටරය මගින් එය අකර්මණ‍ය කර ඇත. (Ctrl, Alt, Shift, +)යන යතුරු හතර එකවර එබීමෙන් එය නැවත රි ඇක්ටිවු කිරීමට හැකිවිය යුතුය. එහෙත් එය එසේ නොකරන්න ඒ වෙනුවට L2 කෑෂ් මෙමරිය මාරු කර බලන්න.




එහෙනම් අපි ගියා...

No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip