Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

7z වලින් ෆයිල් කෑලි කරමු







මම ඕක ඉන්ටන්නෙට් එකේ සර්ච් කරල කොහොම හරි හොයා ගත්ත.අපිට තියෙන එක ගැටලුවක්නේ ලොකු ෆයිල් ඉමේල් වලින් සෙන්ඩ් කරන්න බැහැනේ.ඒකට විසදුමකුත් තමයි මේ splitt කිරිල්ල.මම අද ආවෙ ඔයාලට මේක කොහොමද කරන්නෙ කියල කියල දෙන්න.එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම 7z software මෘදුකාංගය තමන්ගේ පරිගණකයට ගැලපෙන පරිදි පහතින් බාගන්න.




ඊට පස්සෙ සාමාන්‍ය මෘදුකාංගය ඉන්ස්ටොල් කරගන්න ආකාරයට ඉන්ස්ටෝල් කරගන්න.
දැන් කරන්න තියෙන්නෙ හොදම කොටස.හරි ලේසියි.splitt කරන්න යන ෆයිල් එක ළඟට යන්න.ඊට පස්සෙ එය මත Right Click කර 7zip මෙනුවේ submenu එකක් විදියට උඩින්ම තියන add to archive තෝරන්න.
ඊට පස්සෙ අලුත් ඩයලොග් බොක්ස් එකක් ඒවි.ඒකෙ පහත පරිදි තොරතුරු සකස් කරන්න.
Archive - ෆයිල් එකේ නම
Archive Format - 7z
Compression level - Normal
Compression method - LZMZ
Dictionary Size - 16mb
Word size -  32
Solid block size - 4mb
Number of CPU threads - 2/2
ඊට පස්සෙ ඔය ඩයලොග් බොක්ස් එකේ යටින් ඇති splitt to volumes ,bites කියල.ඒකෙන් තමයි අපේ වැඩේ කෙරෙන්නේ.එතන දාන්න තියෙන්නෙ අපි splitt කරන ෆයිල් එකේ එක කොටසක තිබිය යුතු sizes ටික.හරියට කැබලි කරන ඉඩමක තිබිය යුතු පරිචස් ගාන වගේ.දැන් හොදටම තේරුණානේ.
ඕක පරිස්සම කරන්න ඕනනම් ඔයාලට මුර පදයකුත් දාන්න පුලුවන් Encryption tab එකේ ඒ කොටස ඇති.ඒවනම් මම කියන්න වැඩැක් නැහැනේ.ඔයාල දන්නවනේ.
අන්තිමේට කරන්න තියෙන්නෙ OK ක්ලික් කරන්න.වැඩේ හරි.
දැන් තියන පුරශ්නෙ කොහොමද මේ කොටස් කරපු ෆයිල් එක එකතු කරන්නෙ කියල.ඒකට කරන්න තියෙන්නෙ splitt කරපු ෆයිල් එකේ පළමුවන ෆයිල් එක රයිට් ක්ලික් කරල 7z  මෙනුවේ extract here තෝරන්න.ඔන්න එහෙනම් ඒකත් කිව්වා.
 
එහෙනම් මම ගියා.







No comments:

Post a Comment

About


Jobsmag.inIndian Education Blogwww.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpages%2FPC-%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%2580%25E0%25B6%25BA%2F289567577724357%3Fref%3Dhl&
Google Translate
ArabicBlogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And Tricks Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

අලුත් Tricks පිළිබද විස්තර Facebook මගින් ලබාගැනීමට පහත Like බොත්තම මත කිලික් කරන්න ▼

Please Wait 10 Seconds...!!!Skip