ව්‍යාජ Apple iPhone දුරකතන වලට රැවටී මුදල් නාසිති කරගත් පුද්ගලයින් කොපමණවත් මා දැක තිබෙනවා. මෙම තත්වයට වැඩි වශයෙන් ඔවුන් ගොදුරු වෙන්නේ භාවිතා කරන ලද iphone මිලදී ගැනීමට යැමේදී. මොකද එහිදී නියම iphone එකත් සමග ලැබෙන උපකරණ, පෙට්ටිය වැනි දේවල් ලැබෙන්නේ නැහැ . සාමාන්‍යයෙන් මිලදී ගන්නේ දුරකථනය සහ චාජරය පමණයි. නමුත් ඔබ කෙලින්ම විශ්වාසවන්ත Apple iPhone අලෙවි ප්‍රවර්ධකයෙකු වෙතින් iphone එකක් මිලදී ගන්නවානම් මෙවැනි අවධානමකට ඔබට මුහුණ දීමට සිදු වෙන්නනේ නැහැ. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ iPhone දුරකතනයක් අව්‍යාජ නොවන Original එකක්ද යන්න පරික්ෂා කර බලන විදියයි.
Serial
Number
සෑම
iPhone දුරකතනයක්ම හඳුනාගැනීමට හැකි වෙන ලෙස serial number එකක්
තිබෙනවා. එම අංකය Apple සමාගෙම් දත්ත ගබඩාව (database)
තුල පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා.
ඔබේ iphone එකේ එම අංකය සොයා ගැනීමට settings/genaral/about වෙත පිවිසෙන්න. දැන් එම අංකය ඇපල් සමාගමේ දත්තගබඩාව තුල පරික්ෂා කර බැලීමට මෙම පහත තිබෙන ලින්ක් එකට
පිවිසෙන්න.
දැන්
ඔබට පුළුවන් එම වෙබ් අඩවියට පිවිස
ඔබේ iphone
දුරකතනයේ serial number එක
පරික්ෂා කර බැලීමට. අංකය ඇතුලත් කර
"continue" කර
පසුව එම පද්දතිය විසින් දුරකථනය පිළිබඳව විස්තරයක් ඔබට ලබා දෙනවා. ඔබ නිවැරදිව අංකය ඇතුලත් කරත් මේ පහත තිබෙන දෝෂ පණිවිඩය පැමිනෙනවානම් එම දුරකථනය ව්‍යාජ එකක් බව වටහා ගන්න.
මේ
ඔබට අපි පෙන්වා දුන්නේ නියම ආකාරයට
iphone එකක ව්‍යාජ එකක්ද නැද්ද යන්න පරික්ෂා කර
බැලීමයි. මෙයට අමතරව දුරකතනයේ තිබෙන බාල දෘඩාංග කොටස් මගින්ද
iTunes මෘදුකාංගය සමග සම්බන්ධ කර බැලීමෙන් දුරකථනය
හඳුනා ගන්නේ නොමැතිනම් එය ව්‍යාජ එකක් බව දැනගන්න පුළුවන්.
තව දුරටත් ව්‍යාජ Apple iPhone දුරකථන වලට ඔබ රැවටෙන එකක් නැහැ කියා සිතනවා.
No comments:
Post a Comment